Spread the love

උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දීත් වැසි ඇති විය හැකියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම මීදුම් සහිත තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුරු මඟින් සිදුවන අනතුරු සිදුවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.