පොළොන්නරුව ප්රදේශයේ සහල් මෝල් අද දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
.සහල් මෝල් හිමියන් සහ ජනපති අතර පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා පැවසුවේ අද දිනයේ සිට සියලුම සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුකු අධිකාරියේ නිලධාරීන් යොදවන ඊයේ (07) දිනයේදීය.
සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්රමාණය, දැනට පවතින තොග ප්රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම මෙහිදී කෙරේ..
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේය.
.
