Spread the love


නිමල් රාජපක්ෂ-

කොළඹ හෙට්ටිවීදීයේ රන් ආභරණ අලෙවි හල් නමින් පවත්වාගෙන ගිය ස්ථාන දෙකක් වටලා රුපියල් එක්ලක්ෂ හතළිස් හතර දහසක් වටිනා තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වු සිගරැට් තොගයක් සමගින් සැකකරුවන් 4 දෙනෙකු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පසුගියදා (05) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සිගරැට් තොගයේ තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු සිගරැට් 900 ක් තිබු බව කොළඹ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති කේ.ජී. සමත්ත ජානක මහතා පවසයි.
හෙට්ටවීදියේ රන්අභරණ අලෙවි සැල් දෙකක නම් යොදා තිබුනද මෙම ස්ථාන දෙකෙහිට රන් අභරණ අලෙවි කිරීමට නොතිබු බවත් ව්‍යාජ ජාවාරම් සදහා මෙම ස්ථාන පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ. අදාල වෙළද සැල් දෙකෙහි රොල්ගොල් අභරණ කිහිපයක් තිබු බවත් ඹවුන් රන් අභරණ අලෙවි කිිරීමක් සිදු නොකරන බවත් රන්අභරණ අලෙවි කරන මුවාවෙන් නීති විරෝධී ජාවාරම් සිදු කරනගෙන යන බවත් සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපතිවරයා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පසුදින (06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් සැකකරුවනට මහේස්ත්‍රාත් වරයා රුපියල් හාර ලක්ෂ පනස් දහසක දඩමුදලක් ගෙවන ලෙස නියම කළේය.
සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී කේ.පී.එස් පතිරණ මහතා ගේ උපදෙස් මත , සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන කේ.ජී. සමත්ත ජානක මහතා ඇතළු නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.