නිමල් රාජපක්ෂ-
මීගමුව වෙරළ තීරය ආසන්නයේ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 43 ක් දෙනෙක් සමගින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා පවසයි.
වෙස් වලාගත් සුරාබදු නිලදාරීන්ද මෙම ෆේස් බුක් සාදය සදහා ඉදිරිපත්වී ඹවුන් සමග ටිකවේලාවක් ගතකාට මෙම වැටලිම සිදු කිරිමට සමත්වි ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර විශ්ව විද්‍යාල සිපුන් පිරිසක් හා තරණ තරුණියන් සිටි බවද සුරාබදු නිලධාරීන් පවසයි. අදාල ස්ථානයේදී තීරු බදු නොගෙවු සිගරැට ළගතබාගෙන සිටි පුද්ගලයික් 13 ක් ‘ ගංජා ලග තබාගෙන සිටි 21 ක්’ හා හෙරොයින් ලග තබාගෙන සිටි 9 ක් කොටු කර ගැනීමට සමත්වී ඇත.
අදාල සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා සැකකරුවන් 43 දෙනාට රුපියල් දෙලක්ෂ හැට දහසක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට තිබේ .
වීඩියෝව නරඹන්න
. ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා මහතාගේ උ පදෙස් මත , ජාඇල සුරාබදු අධිකාරී ප්‍රිමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය යටතේ , ගම්පහ සුරාාබදු ස්ථානාධිපති රෝහාන් රණසිංහ, ජාඇල සුරාබදු ස්ථානාධිපති කලා රසික විජේසිංංහ, මීගමුව සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ , මීරිගම සුරාබදු ස්ථානාධිපති වයි.ඒ ඩී. යාපා, පුගොඩ සුරාබදු ස්ථානාධිපති නිීල් ඒකනායක, සුරාබදු පරික්ෂකවරුන්වන සේනාධිර, ප්‍රනාන්දු , රසික විජේසිංහ, කුමාර රත්න,සුගත් ජයවංශ,සැරයන් සරත් කුමාරසිරි, කෝප්‍රල් වරුන්වන අතපත්තු, චින්තක ,, අසේල , උපුල්, උදාර කැලුම් , බුද්ධික,නියාමකවරුන්වන චානක,ළහිරු,අසේල ,උපුල් , දුලාන් ,රියදුරු රවීන්ද්‍ර හරිස්චන්ද්‍ර, ගම්පහ, මීගමුව, ජාඇල ,මීරිගම හා පුගොඩ යන සුරාබදු ස්ථානවල නිලධාරීන් එක් ව මෙම වැටලිම සිදු කළහ.