2025 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇත.
ඒ අනුව https://www.doenets.lk/examresults සබැදිය ඔස්සේ ඔබට ප්‍රතිඵල පරික්ෂා කරගත ගැකියි.
එම විභාගයේ උත්තර පත්‍ර පරික්ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.
මෙම වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් විණ.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් සුදුසුකම් ලබා සිටි අතර දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලබා සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313ක්.
අනුව සම්පූර්ණ අයදුම්කරුවන් 307,951ක් විභාගයට පෙනී සිටියේය.
