Spread the love

100 ඔක්ටේන් පෙට්‍රල් ලංකා අයිඕසී සමාගම අද (02) වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා ඒ බව පැවසු අතර ලංකා අයිඕසී සමාගමේ ප්‍රධානීන් පිරිසක් තමා හමුවී සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ලංකා අයිඕසී ඉන්ධනහල් ව්‍යාප්ත කිරීමේ සැලසුම, ලිහිසි තෙල් වෙළෙඳපොළ, තෙල් ටැංකි සංකීර්ණය දියුණු කිරීම, ඉන්ධන මිල සූත්‍රය සහ යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගෙන තිබුණි.