Spread the love

අරගලය සමයේ නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබිණ.

තවත් හතරදෙනෙකුට මාස 6ක සිර දඬුවම් නියම කළ ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, එය වසර පහකට අත්හිටුවීමටයි නියෝග කළේ.

සෙසු සැකකරුවන් 23 දෙනා නිදොස් කොට නිදහස් කර තිබිණ.