නිමල් රාජපක්ෂ
රඹුක්ක සිට කොළඹ කොටුව බලා ධාවනය වු අංක 10531 දරණ කාර්යාල සීග්‍රඝාමී දුම්රියේ ඊයේ(30) බුළුගහගොඩ සිට කැළණිය දක්වා සිදු කල ප්‍රවේශපත්‍ර පරික්ෂාවකදි තුන්වන පංතියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන දෙවන පංතියේ ගමන් කළ මගීන් 56 දෙනෙකු දුම්රිය ආරක්ෂක නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් මෙම කාර්යාල සීග්‍රඝාමි දුම්රියට පොල්ගහවෙල ,වේයන්ගොඩ හා බුළුගහගොඩ යන දුම්රිය ස්ථාවලින් ගොඩවී බුළුගහගොඩ සිට දුම්රියේ ප්‍රවේශපත්‍ර පරික්ෂාව සි දු කොට තිබේ. එහි ප්රථීපලයක් ලෙස 3 අරන් 2 ගිය මගීන් කොටු කරගත් අතර එහිදී වැඩි පිරිසක් කාන්තාවන් බවද දුම්රිය ආරක්ෂක නිලධාරින් පැවසුවේය.
මෙහිදී අත්අඩංගුවට ගත් මගීන් 38 දෙනෙකුගෙන් ඒ මෙහොතේම රුපියල් එක් ලක්ෂ විසිහයදහසක දඩ මුදලක් අයකර ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී ඇත.
මෙසේ දඩ අයකර ගත් මගීන් 38 දෙනාගෙන් 20 දෙනෙකුම කාන්තාවන් බවද දුම්රිය ආරක්ෂක නිලධාරින් පැවසුහ.
්
ඉදිරි මගීන් ඒ මොහොතේ දඩ ගෙවීමට මුදල් නොමැති කමින් ඇපකර තබාගොස් තිබිණ.
දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත , සහාකාර ආරක්ෂක අධිකාරී ජී.ඩබ්ලිව්. සුමිත් මහතාගේ අධීක්ෂණය යටතේ , දුම්රිය ආරක්ෂක හමුදාවේ කොටුව මෙහෙයුම් ඒකකයේ කාර්යභාර නිලධාරී පාලිත පුෂ්ප කුමාර, පොල්ගහවෙල කාර්යභාර නිලධාරි උපාලි විජේරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත දුම්රිය ආරක්ෂක නිලධාරීන් හා නිලධාරීණියන් 30 දෙනෙකුගේ සහභාගිත්වයෙන් මෙම වැටලීම සිදු කළහ.
