Spread the love

විවිධ වූ විෂමාකාරි ක්‍රියාවන්වල නිරතව ඇති තරුණ පරපුර ඉන් මුදවා වර්තමාන ජන සමාජයේ යහපත් වූ සිතුවිලි හා සංකල්ප ඇති කර වීම තුලින් තරුණ පරපුර රටට දැයට වැඩදායක පරපුරක් බවට පත් කරලීමේ අවශ්‍යතාව මූලික කර ගනිමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යය රොෂාන් රණසිංහ මහතගේ සංකල්පයකට අනුව 42 වැනි දහම් වැඩසටහන, ” උතුම් මැදින් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කොටගෙන, නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේදී අද දින උදෑසන පැවැත්විය.

සෑම පුරපසළොස්වක පොහොය දිනයක් වෙනුවෙන්ම අඛණ්ඩව පවත්වනු ලබන “දහම් අරුණ” පොහෝදා ධර්ම දේශනා මාලාවේ මෙවර ධර්ම දේශකයාණෝ වූ ධර්ම කථික, කථිකාචාර්ය අතිපූජ්‍ය කහටගස්දිගිලිය ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් කාලීන ධර්ම දේශනයක් දේශනා කලහ.
මෙහිදි නුගේගොඩ නාලන්දාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ විසින් ඉන්දියාවේ ආනන්ද බෝධි වහන්සේගේ ශාඛාවක් ප්‍රදානය කලහ.