Spread the love

සතොස හරහා ආනයනික බිත්තරයක් රුපියල් 35 කට ලබාදෙන බැවින් බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත කිරිඇල්ල මහතා පවසයි

නමුත් සුපිරි වෙළඳසැල්වලින් ද රුපියල් 40 කට ආනයනික බිත්තරයක් අලෙවිකරනු ඇත.එහිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46 ක පාලන මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් 19 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබිණ

එම ගැසට් නිවේදනය ඊයේ දිනයේ ඉවත් කෙරුණ බවද සභාපතිවරයා පැවසුවේය.