ඉදිරි උත්සව සමය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව ලබන 30 වන දින සිට ජනවාරි 15 වන දින දක්වා නව වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති නීතීඥ ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ.
මිල ප්රදර්ශනය නොකිරීම භාණ්ඩයේ උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් විකිණීම සම්බන්ධයෙන් අවධානය යොමු කර වැටලීම් සිදු කරන බව ද පැවසුවේය.්