Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව අද රාත්‍රියේ රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඒ අනුව එදිනම රාත්‍රියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම එකඟතාවන් පිළිබඳ වෙබ් අඩවියේ පළ කළ වහාම ජනාධිපතිවරයා ඒ පිළිබඳ සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් එකඟතා ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

කෑගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ සියලු ගිවිසුම්වලට එළඹීම අවසන් වූ පසු ඒවා ජනතාවට දැක බලා ගත හැකි වනු ඇති බවයි.