ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) මගින් ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කරන ලද අති නවීන ආසාදිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රය (Incinerator) විවෘත කිරීමේ අවස්ථාව අද (05) දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන් හේමචන්ද්‍ර මහතා, නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසෝමාටා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම යන්ත්‍රය ජනතා අයිතියට පත් කෙරිණි.
ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස ජපන් යෙන් මිලියන 503 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ ඉහත උත්සවයට සමගාමීව මෙරට තවත් රජයේ රෝහල් 14 ක ආසාදිත අපද්‍රව්‍ය කළමනාකරණ ඒකක පිහිටුවීමටද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට අමතරව රත්නපුර, කුරුණෑගල යන ශික්ෂණ රෝහල් දෙකටත්, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල, හම්බන්තොට,මන්නාරම සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් පහටත්, රිකිල්ලගස්කඩ, මහියංගනය, පුත්තලම,මීරිගම, මැදිරිගිරිය,වැලිකන්ද යන මූලික රෝහල් හයටත්, නාකුලුගමුව දිසා රෝහලෙත් මෙම අති නවීන ආසාදිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍ර ස්ථාපි කර ඇත.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමන, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සඳමාලි ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
