.!
නිමල් රාජපක්ෂ
JICAආයතනය මගින් ක්‍රියාත්මක SLIDER ව්‍යාපෘතිය (Strengthening The Capacity of Landslides for Resilient Road Transportation in Sri Lanka) යටතේ මෙම ඩ්‍රෝන කැමරා පරිත්‍යාග කිරීම සිදුවිය. JICA ආයතනයේ නියෝජිත නෝරු මත්සුනෝෂිටා (Mr. Noru Matsunoshita) මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් මහතා වෙත සංකේතාත්මකව ඩ්‍රෝන කැමරාවක් පරිත්‍යාග කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිණ
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා,
” මහාමාර්ග ආශ්‍රිතව සිදුවන නායයාම් වැනි ආපදා අවස්ථාවලදී අපට ඒ ස්ථානවලට ළගාවෙන්න බැරි නිසා අදාල තොරතුරු ලබාගැනීමේ ගැටළු පවතිනවා. මෙම ඩ්‍රෝන කැමරා භාවිතයෙන් අදාල ස්ථානවල දර්ශන පහසුවෙන් සහ වඩාත් නිරවද්‍යතාවයෙන් යුතුව ලබාගැනීමේ පහසුකම් අපට හිමිවෙනවා. මේ දත්ත ආශ්‍රයෙන් මාර්ග සැළසුම් සහ නිර්මාණ (Planning & Design) කටයුතු කඩිනම් සහ පහසු වෙනවා.
මේ සදහා අවශ්‍ය විශේෂඥ තාක්ෂණික දැනුම ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් JICA ආයතනයට ස්තුතිවන්ත වෙනවා…..!
මෙම අවස්ථාවට JICA ආයතනය නියෝජනය කරමින් එරිකෝ සතෝ (Miss Eriko Sato), තොමෝයුකි වදා (Mr. Tomoyuki Wada), රියෝටා කිමුරා (Mr. Ryota Kimura), ඒස්.කේ.පී. ක්‍රිස්ටීන් (Ms. S.K.P. Christeen) යන මහත්ම මහත්මීහු සහ මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජනරාල් (රා.ආ.) එච්.එච්. හෙට්ටිආරච්චි, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් දර්ශිකා ජයසේකර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.කේ. අබේධීර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.) වසන්ත කුමාර්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රණසෝම යන මහත්ම මහත්මීහු ඒකව සිටියහ.
