Spread the love

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සහෝදර ශ්‍රී ලාංකික ජනතාවට සවියක් වනු වස් ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියාවේ සන්වැලි මෛත්‍රී විහාරයේ පැවති  ආධාර එකතු කිරීමේ වැඩසටහනින්  ලබා ගත් ඩොලර්  21,500 මුදලක් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත පරිත්‍යාග කෙරේ.

පසුගිය පෙබරවාරි 04වනදාට යෙදුණු ජාතික නිදහස් දිනයේදී  දකුණු කැලිෆෝනියාවේ සන්වැලි මෛත්‍රී විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය අපරැක්කෙ පුඤ්ඤසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන්  ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් වෙත මෙම මූල්‍ය පරිත්‍යාගය භාර දීම සිදු කෙරිණි.