නිමල් රාජපක්ෂ
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Vidullanka PLC විසින් රුපියල් මිලියන 2.5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.
ඊට අදාළ චෙක්පත Vidullanka PLC හි ප්‍රධාන විධායක නිලධාරී රියාස් සන්ගානි (Riyaz Sangani) මහතා විසින් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගැන්වීය.
Vidullanka PLC හි මෙහෙයුම් අධ්‍යක්ෂ රොෂාන් සිරිවර්ධන, මානව සම්පත් කළමනාකාර රාජිත සමරසිංහ, ආයතනික සන්නිවේදන විධායක Afrah Bahaudeen යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
