Spread the love


නිමල් රාජපක්ෂ

තීරු බදු නොගෙවා කෑලි මෙරටට රැගෙනවිත් එකලස් කර හොර අංක තහඩු යොදා ගනිමින් අනතුරක් සිදු කරමින් පලාගිය සී.සී. 250 ධාරිතාවයෙන් යුතු ට්‍රර්ල් වර්ගයේ යතුරු පැදියක් සමගින් සැකකරුවන් දෙදෙනකු බොල්ලත ප්‍රදේශයේදී ගණේමුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇතතේ පසුගියදා (08 ) ගණේමුල්ල කහඉර මතින් ගමන් කරමින් සිටි තරුණියක් හප්පා පාලාගිය යතුරු පැදිකරුවකු බවද ගණේමුල්ල පොලිසිය පැවසුවේය.

ගණේමුල්ල පදික මාරුවෙන් ගමන් ගන්නා තරුණියක යතුරු පැදියකින් හප්පා පලා ගිය තරුණියගේ අතට හා කකුලට තුවාලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර ඇත.තුවාල කාරිය අනතුර සම්බන්ධයෙන් වාර්තා කිීරීමෙන් පසු ට්‍රර්ල් වර්ගයේ යතුරු පැදියක අංකයක් ලබා දී තිබු අතර ලබාදුන් අංකය මෝටර් රථ දෙපාර්තුමේන්තුවෙන් පරික්ෂා කිරිමේදී ප්‍රෙෂර් වර්ගයේ ස්කූටි යක අංකයක් බවට සනාථවී තිබේ. එම ස්කුටියේ අයිතිකර සොයා ගියවිට අදාල ස්කුටියේ පසුපද අංක තහඩුව මීට වසර තුනකට පමණ පෙර නැතිවී ජාඇල පොලිසියේ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් දමා එහි වාර්තා පරික්ෂා කිරිමේදි ඹප්පු කර ගැනීටම හැකිවී තිබේ.
එසේ තැතිවු අංකය භාවිතා කරමින් අදාල ට්‍රර්ල් වර්ගයේ යතුරු පැදියට සවිකර වසර තුනක් පමණ සැකකරු යතුරු පැදිය භාවිතා කර ඇතැයිද පොලිසිය අනාවරණය කර ගෙන ඇත.
පසුව කල පරික්ෂාවකදි යතුරුපැදිකරු කුඩා බොල්ලත ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට සනාථ කර ගැනීමෙන්පසු අයිති කරු සොයාගෙන යද්දී යතුරු පැදිය තීරු බදු නොගෙවා ගෙන්වා එකලස් කර සාදන ලද යතුරු පැදියක් නිවසේ සගවා තිබියදී සොයා ගැනීමට පොලිස් නිලධාරීන් මත්වී ඇත.
අදාල යතුරු පැදියේ එංජින් ධාරිතාව C C250 බවට තහවුරු වී තිබේ. යතුරු පැදිය සම්බන්ධයෙන් පරික්ෂා කිරිමේදි ලියකියවිලි කිසිවක් නොමැති කමින් අදාල පුද්ගලයා හා යතුරු පැදිය අත්අඩංගුවට ගෙන ඇත.
අනතුර සිදු කල පැදි කරු අවුරුදු 21 කුඩා බොල්ලත ප්‍රදේශයේම තරුණයෙක්බවත් ඹවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එකලස් කරද්දී තීරු බදු නොගවො මෙරට අමතර කොටස් ගෙන්වා සාදන ලද යතුරු පැදියක් බව සනාථ විඇත. . මෙම යතුරු පැදියේ අයිති කරු මීට මාස තුනකට පෙර එංජින් ධාරිතාව සී.සී වර්ගයේ යමහා යතුරු පැදියක්ද මේ ආකාරයෙන් එකලස් කරනලද සකස් කර යතුරු පැදියක් සමගින් අධිකරණයට ගම්පහ පොලිස් විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කොට තිබිණ.

එම යතුරු පැදියද ශ්‍රී ලංකා රේගුවට ඉදිරි විමර්ශන කටයුතු සදහා බාරදී තිබේ.
ගම්පහ හා ගණේමුල්ල පොලිසිය මගින් ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ විශේෂ පරික්ෂාවන් සිදු කරන බවත් ,එකලස් කරන ලද යතුරු පැදි විශාල ලෙස ධාවනය කරන බැවින් විවිධ අපරාධ වෙඩිතැබීම් රැල්ලක් ක්‍රියාත්මක වන බැවින් මොවුන් මේවාට සම්බන්ධද යන්න පිළිබදව විමර්ශනය කරන බවත් ගණේමුල් පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති මංජුල රාජපක්ෂ මහතා පැවසුවෙය
අදාල සැකකුරවන් දෙදෙනා ඊයේ ( 10) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කොට ඇත.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.
ගණේමුල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති මංජුල රාජපක්ෂ , සැරයන් 42283 විදුරංග, කොස්තාපල් 40564 ඉෂාන් යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ.