Spread the love

අම්බලන්ගොඩ පොලීසිය ධාවනය වූ සැකකටයුතු ලොරි රථයක් පරික්ෂා කිරීම සඳහා නැවතීමට සංඥාකර කල අවස්ථාවේ අනනොතකා ධාවනය කරද්දී පසු පසින් හබා ගොස් ලොරි රථයට වෙඩි තබා ඇත.

අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ලොරිය පරීක්ෂා කිරීමේදී, එහි එළ ගවයින් 10 දෙනෙකු හා මී ගවයින් 04 දෙනෙකු සිට ඇති අතර ඉන් එක් එළ ගවයකුගේ ගෙල කපා ඝාතනය කර තිබිණ.

කෙසේවෙතත් පොලීසිය පැවසුවේ ලොරි රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5,200ක් හා ලොරි රථය ද සමඟ අත්අඩංගුවට ගත් බවය.

සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන අකුරැස්ස හා බේරුවල ප්‍රදේශවල පදංචිකරුවන් වේ.

ලොරි රථයේ රියැදුරු හා තවත් සැකකරුවෙකු පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.