Spread the love

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් 12 හා 13 දෙදින සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහල හෝටල වල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා නියෝග කරයි.

නමුත් මේමස 23 වන දිනට යෙදී ඇති බක් පුර පසලොස්වක පෝය දිනයෙහිදී බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබිය යුතු බවද සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.ජේ .ගුණසිරි මහතා නියෝග කරයි.

මෙම කාලසීමාව තුල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි, සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථන අංකය වෙත හෝ දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන සහ විශේෂ ඒකක වෙත ලබා දෙන මෙන් මහජනතාව දැනුවත් කර සිටිමි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් 12 හා 13 දෙදින සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලත් තරු පන්ති තුනෙන් ඉහල හෝටල වල නේවාසික සංචාරකයින් සඳහා සහ විශේෂ බුටික් විලා බලපත්‍ර ලත් ස්ථාන හැර දිවයින පුරා පිහිටි අනෙකුත් සියලුම සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් මත්පැන්හල් සියල්ල වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා නියෝග කරයි.

නමුත් මේමස 23 වන දිනට යෙදී ඇති බක් පුර පසලොස්වක පෝය දිනයෙහිදී බලපත්‍ර වර්ගීකරණයකින් තොරව දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සියල්ලම වසා තැබිය යුතු බවද සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.ජේ .ගුණසිරි මහතා නියෝග කරයි.

මෙම කාලසීමාව තුළ සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි, සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථන අංකය වෙත හෝ දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන සහ විශේෂ ඒකක වෙත ලබා දෙන මෙන් මහජනතාව දැනුවත් කර සිටිමි.