Spread the love

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය අද (06) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා වූ අතුරු සම්මත ගිණුම පසුගිය 3 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.ඊයේ (05) සහ අද ඒ සඳහා වූ විවාදය පාර්ලිමේන්තුවේ දී පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්විණි. ඒ අනුව අද පැවති විවාදයෙන් අනතුරුව,  අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.