උත්සව සමය නිමිත්තෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පාන පරීක්ෂා කිරිම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් අනුයුක්ත කර ඇතිබව මහජන පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාර සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය පිළිබදව ද මෙහිදී පරීක්ෂාවට ලක්කිරීමට නියමිතයි්
දෙසැම්බර් මස පළමු වන දින සිට මේ දක්වා කාලය තුළ දිවයින පුරා වැටලීම් 150කට වැඩි සංඛ්‍යාවක් සිදුකර ඇති බවද උපුල් රෝහණ මහතා වැඩි දුරටත් පැවසුවේය.
