නිමල් රාජපක්ෂ-
වේවැල්වත්ත ,ගිනීමලේ ,කිරිබත්ගල,දොඩම්පේ යන ප්‍රදේශ වල මුළු රැයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම්කදි රුපියල් ලක්ෂ හතරකට ආසන්න මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 17 දෙනෙකු අද(27) අලුයම රත්නපුර සුරාබදු නිලධාරින් අත්අඅඩංගුවට ගෙන ඇත.
මෙම සෝදිසි මෙහෙයුම ඊයේ (26) රාත්‍රි 8.00 පමණ ආරම්භ කල අතර අද (27) අලුයම3.00 පමණ අවසන් කර තිබේ. මෙහිදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 10 ක් නීති විරෝධී මත්පැන් ළග තබාගත් සැකකරුවන් 7 ක් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.

අදාල මත්පැන් නිෂ්පාදනාගාර දහයෙන් කසිප්පු ස්ප්‍රීතු ලීටර් 45 ක්, බැරල් 10 ක් , දගර 10 ක් හා පෙරණ උපකරණ තොගයක් සොයා ගත් බවද රත්නපුර සුරාබදු අධිකාරී එච්.සී.පී රණවීර මහතා පවසයි.
නියොජ්‍ය සුරාබදු කොමසාරිස්(යෙදවුම්) , සබරගමුව පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතා වෙත ලැබුණු මහජන පැමිණිලි හා 1913 වෙත ලැබුණු මහජන පැමිණිලි මත මෙම මෙහෙයුම දියත් කර තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සුරාබදු ඇපමත මුදා හැර ඇති අතර පෙබරවාරි මස 12 දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉ දිරිපත් කිරීමට නියමිතය.

නියොජ්‍ය සුරාබදු කොමසාරිස්(යෙදවුම්) , සබරගමුව පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සමත්ත කොස්තා මහතා ගේ උපදෙස් මත, රත්නපුර සුරාබදු අධිකාරී එච්.සී.පී . රණවිර මහතාගේ අධීක්ෂණය හා සහාභාගිත්වයෙන් , රත්නපුර සුරාබදු ස්ථානාධිපති පුධාන සුරාබදු පරීක්ෂක ආර්.ඒ.සරත්චන්ද්‍ර මහතාගේ මෙහෙයවීමෙන් හා සහාභාගිත්වයෙන් ,සුරාබදු පරීක්ෂකවරුන්වන ලෝචන තෙන්නකෝන්, රොහන් නිරෝෂන,සුරාබදු සැරයන් 940 ලසන්ත දිසානායක,සුරාබදු කොපුල් වරුන් වන 1162 දෙවගේ,1205 සදුන් සුරාබදු නියාමක රියදුරු චින්තක යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.
