නිමල් රාජපක්ෂ
නවම් පොහොයදින ඊයේ (1) බලපත්ර කොන්දේසි කඩ කරමින් මත්පැන් විකුණු ආපනශාලා 2ක් හා හෝටලයකට ඒ මෙහොතේම සීල් තැබීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්විය
පොහොය දින සියළුම සුරාසැල් වැසිය යුතු බව සුරාබදු දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කොට තිබියදි මෙසේ මත්පැන් අලෙවි කල බත්තරමුල්ල ආපනශාලාවක් , බෙලිහුල්ඹය ආපනශාලාවක් , දෙහිඅත්තකණ්ඩිය හෝටලයක් මෙසේ සීල් තැබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පී.එන් .හේමන්ත මහතා පවසයි.
මෙහිදී බලපත්ර කොන්දේසි කඩකල ආපනශාලා දෙකට හා හෝටලයට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට ඇති අතර ඉදිරියේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා වෙත ඉදිරිපත් කොට සමථ ගාස්තු නියම කිරීමට නියමිතය.
කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී පි.එන් .හේමන්ත මහතාගේ අධිීක්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් පරික්ෂකවරුන්වන සනත් ජයවීර හා නිශාන්ත ඇතුළු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.
