Spread the love

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ යටතේ .ගණේමුල්ල නගරයේ ඉතාමත් දුර්ගන්ධයක් හමන කානු පද්ධතිය පිළිසකර කිරීම ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය.ගම්පහ ප්‍රාදේශීය සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය සමග එකතුවී ක්‍රියාත්මක විය.
මෙහිදී ගණේමුල්ල ස්ථාන පහක් මෙම දුර්ගන්ධය හමන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති අතර ප්‍රධාන තම ස්ථානය වූයේ ගණේමුල්ල තෝස කඩයයි. එහි. අපද්‍රව්‍ය ජලය බැහැර කිරීම නගරයේ ප්‍රධාන කානු පද්ධතියට සම්බන්ධ කර තිබීමයි.

මීට අමතරව නගරයේ බස් නැවතුම්පලා අසල පිහිටි මාළු වෙළඳ සැලෙහි අපද්‍රව්‍ය එම කානුවටම බැහැර කිරීමත් සිදු වී තිබුණි.
ගම්පහ නගරයෙන් පසු දෙවන ස්ථානය හිමිවන්නේ ගණේමුල්ලටයි. දුම්රිය ස්ථානයෙන් බැස යන විශාල මගේ ජනතාවක් සිටීම නිසාය මෙකී ජනතාව සහ නගරයට පැමිණෙන පාරිභෝගිකයින්ගේ දැනුම් මත මෙම කානු පද්ධතිය පරීක්ෂා කිරීම සිදුවිය.
මෙම කාර්යය සදහා ගම්පහ ප්‍රාදේශීය සභාව , මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරුය , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද සහාය දැක්වුහ.

වීඩියෝව නරඹන්න