Spread the love

ලංකාව පුරා සෑම බේකරියකටම බිත්තර රුපියල් 35 කට ලබා ගැනීමේ හැකියාව ඇත්නම් එදිනට බේකරි නිෂ්පාදන මිල අඩුකළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සහාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ බිත්තර ලක්ෂ 20 ක ප්‍රමාණයක් පමණක් බවත්  රටේ දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 50 කට වැඩි බවත් ඒ මහතා පැවසුවේය.

ලංකාව පුරා බේකරි 6000 ක් පමණ තිබෙන බවත් මේ වනවිට රුපියල් 35 කට බිත්තර ලැබී ඇත්තේ බේකරි 25 කට බවත් ජයවර්ධන මහතා පැවසුවේය.