ගම්පහ පොලිස් වසමේ මාකෙවිට කවුඩන්ගහ ප්රදේශයේදී අද (8) රාත්රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලාගොස් ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.
වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 39ක් වූ තම්මිට, මාකෙවිට ප්රදේශයේ පදිංචිකරුවෙක්ය.
කෙසේ වෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
