Spread the love


නිමල් රාජපක්ෂ-

කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල බලා ධාවනය වු මන්ද ගාමී දුම්රියේ ගමන්කල කාන්තාවකගේ රුපියල් හත්ලක්ෂ තිස්එක්දාස් නවසිය හතළිස් හයක් වටිනා ගෙල බැදි රන්මාලයක් වලකුඹුර දුම්රිය ස්ථානයේදි කඩා ගෙන පැනගිය සැකකරුවකු පැයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට පොල්ගහවෙල දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමවී ඇත.

සිද්ධිය වී ඇත්තේ ඊයේ (27) පෙරවරු 8.00 පමණය. කොළඹ සිට පොල්ගහවෙල බලා ගමන් ගන්නා මන්ද ගාමී දුම්රියට අවුරුදු 70 ක් වයසැති කාන්තාවක් ගණේමුල්ල දුම්රිය ස්ථානයෙන් ගොඩවී තිබේ . ඇය පොලොන්නරුවට යාම සදහා පොල්ගහවෙල දුම්රියට ගොඩවීඇත්තේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් බැස එතැන් සිට බස්රථයෙන් ගමන් කිිීරීම සදහායි.

දුම්රිය වලකුඹුර දුමරිය ස්ථානයේ නතර කර ගමන් අරඹද්දී අතක් නොමැති අවුරුදු 38 පමණ පුද්ගලයකු මෙම කාන්තාවගේ ගෙලබැදි රන්මාලය කඩාගෙන දුම්රියෙන් පැන ගොස් තිබේ.

දුම්රියේ සිටි මගීන් අදාල සිද්ධිය පිළිබද පොල්ගහවෙල දුම්රිය ආරක්ෂක හමුදාවට දුුරකථන ඇමතුමකින් ලබාදී තිබේ. සිද්ධිය සැලවු වහාම ක්‍රියාත්මක වු පොල්ගහවෙල දුම්රිය ආරක්ෂක නිලධාරීන් ත්‍රිරෝද රථයකින් හා යතුරු පැදි වලින් වලකුඹුර දුම්රිය ස්ථානයට පැමිණියත් කිසිදු තොරතුරක් හමුනොවුයෙන් කොළඹ කොටුව දෙසට යන දුම්රියයන් පරික්ෂා කිිරීමේදී තොරතුරු ලබාදුන් හැඩහුරු කම් තිබෙන අයකු දුම්රියේ සිටියදි ප්‍රශ්න කර අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ප්‍රශ්න කිරීමේදී රන්මාල කැඩීමට අනුබල දුන් කාන්තාවක් ද අත්අඩංගුවට ගැනීමට දුම්රිය ආරක්ෂක නිලධාරීන් සමත්වී තිබේ. අදාල සැකකරු නාත්තන්ඩිය ප්‍රදේශයේ අයකු බවත් අදාල කාන්තතාව ලුණුවිල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට තහවුරු කරගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු දුම්රිය ආරක්ෂක නිලධාරීන් වැඩි දුර පරික්ෂන සදහා අලව්ව පොලිීසියට බාරදී තිබේ. එහිදී සැකකරුට වස්ති ලබාදීමෙන් පසු සොරාගක් රන් මාලය ගිල දමා තිබියදී සොයා ගැනීමට හැකිවු බවද පොල්ගහවෙල දුම්රිය ආරක්ෂක හමුදාවේ කාර්යභාර නිලධාරී උපාලි විජේරත්න මහතා පැවසුවේය.

දුම්රිය ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්ත මහතාගේ උපදෙස් මත, පොල්ගහවෙල දුම්රිය ආරක්ෂක හමුදාවේ කාර්යභාර නිලධාරී උපාලි විජේරත්න මහතාගේ අධිීක්ෂණයෙන් , සැරයන් 91043නෙල්ලිගහවත්ත, ආරක්ෂක නිලධාරීන්වන 91179 ඒකනායක් , 91234 ඒ.ඒ .සරත් කුමාර, කාන්තා ආරක්ෂ නිලධාරීනී 91142 මල්ලිකා කටුගම්පල, 91129 මුතුගල යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.