Spread the love

ජනසවියටත් වඩා ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙලක් තව මාස කිහිපයකින් ආරම්භ කිරීමට තමන් කටයුතු කරන බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඒ හරහා මෙරට සෑම දුප්පත් පවුලකටම දුප්පත්කමින් මිදීමට වටපිටාව සකස් කරන බවද එතෙම පැවසීය.

මේ වසර අවසානයේ නිර්මාණය වන හැරවුම් ලක්ෂය හරහා මෙරට ලක්ෂ 220 ක ජනතාවගේ ආයු කාලයද වර්ධනය කරන වර්ධනය සැමට සෞභාග්‍ය සැමට සංවර්ධනය සැමට ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ ලැබෙන පොදු ජන යුගයේ බිහි කරන බවත් ඒ මහතා කියා සිටී.

ඒ මහතා මේ අදහස් පලකලේ සමගි ජන බලවේගය විසින් කුරුණෑගල හිරියාල ප්‍රදේශයේ සංවිධානය කර තිබු ජන රැලියක් අමතමිනි.