යාගොඩ, පහළ යාගොඩ ශ්රී සුගත නන්දාරාම පුරාණ මහා විහාරයේ අභිනවයෙන් ඉඳිකිරීමට ඉඳිකිරීමට යෝජිත දෙමහල් සංගාවාස මන්දිරයේ මංගල ශිලා ප්රතිෂ්ඨාපනය කිරීම කොස් ඉන්න සම්බුදු මඟ විවේකාශ්රමයේ අධිපති ජේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය දේවාලයගම මේදානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් සහ ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ සුරතින් සිදුවිය.
මෙම අවස්ථාව සඳහා අවට පන්සල් සමූහයේ නායක ස්වාමීන් වහන්සේලා මෙන්ම සතරපේරුවේ දායක දායිකාවන් විශාල පිරිසක් සහභාගි විය.
මෙහිදී කතා කළ ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා, මේ මගේ ගම බවත් ගමේ පන්සලේ වැඩ වලට තමා දායක විය යුතු බවත් පැවසීය.
එසේම. වර්තමාන දේශපාලන තත්ත්වය ඔහුගේ සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්රී පාල සිරිසේන මහතාගේ දේශපාලනය ,එසේම වත්මන් ජනාධිපති අනුර නිසානායක මහතාගේ දේශපාලනය සහ වී ගොවියාගේ වී මිල පිළිබඳවද
මෙහිදී කතා කළාය.
විඩියෝව නරඹන්න
