නිමල් රාජපක්ෂ
කලාකරුවන් උසස් ලෙස ඇඟයීමට ලක්කලේ හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස යි. . එදා පදික වේදිකාවේ සින්දු කියපු කට්ටිය රූපවාහිණියට ගෙනාවෙත් එතුමයි. ‘‘මාවතේ අපි ‘‘ පදික වේදිකාවේ සිටිය කලා කරුවන්ට උදව් කල ජනාධිපති වරයෙක් බවද ජාතික කලා කරු දේශමාන්‍ය රංජිත් ගුරුසිංහ මහතා පැවසුවේය
එවකට නිහාල් සිල්වා මහතා සාජන් නල්ලතම්බි නාට්‍ය කරන අවදියේ සුදර්ශියේ වේදිකාවක් හැදුවා එතුමාගේ වියදමින්. එතනදී එවකට ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා වේදිකාව විවෘතකොට එතුමාගේ අතින් අනෝජා වීරසිංහ මැතිණිය ට සම්මානයක් ලබාදෙනවා . ඒ වේදකාව විවෘත කරන දවසේ කෙටි නාට්‍යයක් රගදැක්වුවා විනාඩි විස්සක ‘‘සමගි විලා‘‘ කියලා .කෙටිනාට්‍යයේ මාද රගපෑවා. විපුල විතාන ගමගේ , පේමසිරි කල්පගේ ,ඩේසන් අමරසිංහ , මියුරි සමරසිංහ රත්නා සුමතිපාල යන අයත්එහි රගපෑවා.එම නාට්‍ය දැකපු ප්‍රේමදාස ජනාධිපතිතුමා උදාගම් වලට ගෙනියන්න පැයකට දික්කරන්න කියලා ඩේසන් අමරසිංහ මහතා ට කීවා. පස්සේ ඒ නාට්‍ය හදලා උදාගම් වලට පෙන්වන්න රට වටේම ගියා. ඒඅවදියේ රටවටේ ඉන්න ජනතාව හදුනා ගන්නත් ජනතාව අතර විශාල ප්රසිස්ධියක් ලබන්නටත් පුලුවන්වු බවද පැවසුවේය.
මෙහිදී ප්ලාස්ටරය ගැසු ප්‍රධාන නිළිය සිය බිරිඳ වු ආකාරයද නිහතමාණී ආඩම්බරකින් රංජිත් ගුරුසිංහ මහතා ප්‍රකාශ කළේය.
වීඩියෝව නරඹන්න
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න
