Spread the love

රුපියල් මිලියන 9000 ක පිරිවැයක් යටතේ නවීන හෘද රෝග ඒකකයක්.

නිමල් රාජපක්ෂ

ජපන් රජයේ සහන ණය ක්‍රමවේදයක් යටතේ අනුරාධපුර, කුරුණෑගල, නුවර, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන මහ රෝහල්වලට අති නවීන පහසුකම් සහිත හෘද රෝග ඒකක ලබාදීමේ ව්‍යාපෘතිය නැවැත ආරම්භ කරමින් රුපියල් මිලියන 9000 ක පමණ පිරිවැයකින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නවීන හෘද රෝග ඒකකයේ  ඉදිකිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කර වසර 02 ක් තුළ එහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා    අවධාරණය  කරයි

ඒ  අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රුපියල් මිලියන 1074 ක මුදලක් වෙන් කරමින් ලබන වසරේ අංග සම්පූර්ණ හදසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් රෝහලට ලබාදෙන බව ද පැවසීය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවත්, අප ජල හා අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයන් සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට කටයුතු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා  ජනාධිපතිවරයා‌ගේ පළමු ධූර කාලයේ දී මෙරට පළමු ජාතික හෘද රෝහල් ඒකකය කොළඹ දී ඉදිකර අවසන් කරන බව ද වැඩිදුරටත් පැවසී ය.

wetransfer link – https://we.tl/t-I5FleMEGJE