නිමල් රාජපක්ෂ
වතුර කල වම් කර මත්පැන් අලෙවි කළ මීරිගම රට බී ම හලට සූරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ පේමරත්න මහතා ඒ මොහොතේම සීල් තැබීමට නියෝග කොට ඇත
මීරිගම සූරාබදු නිලධාරීන්ට ලද තොරතුර කටඅණුව පසුගියදා (9)රට බීමහලෙහි සිදුකළ පරීක්ෂාවකදී බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මත්පැන් බෝතල් මුඩි ඉවත් කර වතුර කලවන් කර අලෙවි කිරී න බව සනාථ වීමෙන් පසු ඒ මොහොතේම අදාල සිද්ධිය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාව දැනුවත් කිරීමේදී අදාල රට බීමහල මුද්‍රා තැබීමටනියෝග කොට ඇත
මෙහිදී සුරාබදු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම පිළිබඳව තොරතුරු හා සාක්ෂි භාණ්ඩ රැසක් හමුවී ඇති බැවින්
සිල්ලරට මත්පැන් විකිණීම, බලපත්‍ර ස්ථානයේ මත්පැන් තොග පරීක්ෂා කිරීමේදී බෝතල් වල මූඩි ඉවත්කර මත්පැන්වල සැර බාල කිරීම් පිළිබඳව නිරීක්ෂණය වී තිබිණ.
මෙහිදී මිලිලීටර් 750, මිලිලීටර් 375, මිලිලීටර් 180 ප්‍රමාණයේ සැර බාලකල බෝතල් තොගයක්ද අත්අඩංගුවට ගෙන ඇත. පත් කොට සමථ ගාස්තුවක් නියම කිරීමට නියමිතය.
සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බි.එන්.ඒ.පේමරත්න මහතා ගේ උපදෙස් මත, සුරාබදු මාධ්‍ය ප්‍රකාශක, බස්නාහිර පළාත් අංක III සහකාර සුරාබදු කොමසාරිස් ඒ. ඒ. රොෂාන් පෙරේරා මහතා ගේ මෙහෙයවීමෙන්, මීරිගම සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක රවීන්ද්‍ර පත්බේරිය මහතාගේ අධීක්ෂණයෙන්, සුරාබදු සැරයන් 820 සිසිල් කරුණාතිලක, සුරාබදු කෝප්‍රල් 861 චින්තක රංගජීව, සුරාබදු නියාමක ලලිත් කුමාරසිංහ, සුරාබදු නියාමක රියදුරු චාමර විජේසුන්දර ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.
