ඉකුත් වසර අවසාන වන විට වාහන 10,490ක් මෙරටදී එකලස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
මෝටර් රථ නිෂ්පාදනයට අදාළව එකලස් කිරීම, අමතර කොටස් නිෂ්පාදනයට අදාළව එකළස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තය සඳහා වන සම්මත මෙහෙයුම් පටිපාටි මාර්ගෝපදේශ යටතේ දේශීය වශයෙන් මෝටර් රථ එකලස් කිරීම අඛණ්ඩව පුළුල්වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසරට අදාළව නිකුත් කරන ලද වාර්ෂික වාර්තාවේ සඳහන්ය.
වාහන එකලස් කිරීම සහ අමතර කොටස් නිෂ්පාදනයට අදාළව ලියාපදිංචි කර තිබෙන සමාගම් ගණන 20කි.