නිමල් රාජපක්ෂ
ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණීමට සහ වන්දනා කර ආපසු නිවෙස් දක්වා ගමන් කිරීමට බලාපොරොත්තුවන සැදැහැවතුන් සඳහා අනිද්දා (05) සිට මේ මස 10 වැනිදා දක්වා විශේෂ දුම්රියයන් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව දැනට ධාවනය වන දුම්රිය වලට අමතර පහත සඳහන් දුම්රිය අවිස්සාවේල්ල, රඹුක්කන , සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල, රඹුක්කන , සහ අලුත්ගම දක්වාත් අනිද්දා (05) සිට10 දක්වා කාල සීමාව තුළ පහත පරිදි ධාවනය කෙරේ.
අවිස්සාවේල්ල / කොළඹ කොටුව කොළඹ කොටුව/ අවිස්සාවේල්ල
අවිස්සාවේල්ල පිටත්වීම – ප.ව. 07.15 කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව. 01.00
කොළඹ කොටුව ලඟාවීම- ප.ව. 09.56 අවිස්සාවේල්ල ලඟාවීම -. පෙ.ව 03.37
රඹුක්කන / කොළඹ කොටුව කොළඹ කොටුව/ රඹුක්කන
රඹුක්කන පිටත්වීම – ප.ව. 06.30 කොළඹ කොටුව පිටත්වීම – පෙ.ව. 01.00
කොළඹ කොටුව ලඟාවීම- ප.ව. 08.51 රඹුක්කන ලඟාවීම – පෙ.ව. 03.15
අලුත්ගම / මරදාන මරදාන / අලුත්ගම
අලුත්ගම පිටත්වීම – ප.ව. 07.10 මරදාන පිටත්වීම – පෙ.ව. 02.00
මරදාන ලඟාවීම – ප.ව 08.57 අලුත්ගම ලඟාවීම – පෙ.ව. 03.47
