Spread the love

නිමල් රාජපක්ෂ

එළඹෙන සිංහල හා හන්දු අවුද්ද වෙනවිට දිවයින පුරා ඇති දිස්ත්‍රික්ක 25 හේම මාර්ග ගත ක්‍රමයට රියදුරු බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමාසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි.

දැනට මාර්ග ගත ක්‍රමයට දිස්ත්‍රික් 11 ක මෙම සේවාව ක්‍රියාත්මක කරන අතර ඉතිරි දිස්ත්‍රික් 14 රේද අප්‍රිෙයල් මස 15 වැනිදින වනවිට මාර්ග ගත ක්‍රමයට කටයුතු කරන බවද පැවසුවේය.

මේ සදහා මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් අදාල දිස්ත්‍රික්වලට ගොස් සියලු නිරීක්ෂණ කටයුතු සිදු කිරිමට නියමිතයි. මන්ද මේ වනවිට කොළඹට ඇවිත් හො අනුරාධපුරයට නැත්නම් හම්බන්තොටට ගොස් රියදුරු බලපත්‍ර මුද්‍රනය කර ගැනීමට සිදුවී තිබෙනවා.

සියළු දිස්ත්‍රික් ක වල මාර්ග ගත ක්‍රමය නොහොත් ඹන්ලයින් ක්‍රමය දියත් කිරිමත් සමගින් මසක් ඇතුළත රියදුරු බලපත්‍ර ලබා ගතහැකිවනු ඇත. මේ වසර ඇතුළත කුරුණෑගල හා ඌව පලාතේ රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍ර දෙකක් සවිකිරිමට බලා පොරොත්තු වන බවද පැවසුවේය.

රියදුරු බලපත්‍ර මුද්‍රණය සදහා පසුගිය වසරේ රුපියල් මිලියක 184 ක් පුද්ගලික සමාගමකට ගෙවා තිබු අතර මේ වසරේ නව සමාගමක් හරහා රුපියල් මිලියන 28 වියදමකින් සේවාව ලබාගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු මගින් මුද්‍රණ යන්ත්‍ර මිලදී ගෙන තම දෙපාර්තුමේන්තුව මගින්ම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරිමට පියවර ගන්නා බවද මෝටර් රථ ප්‍රවාහන කොමාසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

තවදුරටත් අදහස් දැක්වු කමල් අමරසිංහ මහතා.

විඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න