හිඟයකින් තොරව බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන බවත්, උත්සව සමයේදි බිත්තරයක මිල රුපියල් 45 අඩුවෙන් සිල්ලර මිල පවත්වාගෙන යාමර අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පවසයි.
අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ මේ වන විට බිත්තරයක සිල්ලර මිල රුපියල් 35-36ත් අතර අතර පවතින බවය.
එමෙන්ම වර්තමානය වනවිට සහල් නිවුඩු සහ බඩ ඉරිඟු මිල ඉහළ යාම හේතුවෙන් බිත්තරයක නිෂ්පාදන මිල ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.
ඔහු පැවසුවේ කුකුළු මස් නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බැවින් මේ වන විටත් හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවය.
පසුගිය කාලයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ එළවළු මිල සහ මාළු මිල ඉහළ ගොස් ඇති බැවින් මේ හේතුවෙන් කුකුළු මස් සඳහා ඉල්ලුම වැඩි වී ඇති බවත් මේ වන විට ශීත කල කුකුළු මස් රුපියල් 950-1000ත් අතර මිලකට අලෙවි වන බවත් ඔහු පැවසීය.
එමෙන්ම සත්ත්ව නිෂ්පාදන ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබුණහොත් එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයේදී වුවද හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමට හැකියාව ඇති බවත් ඔහු පැවසුවේය.
