Spread the love

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් සිදුකර අක්ෂි ශල්‍යකර්ම වලින් මුලුමනින්ම අන්දභාවයට පත් වූවන් 10ක් නෙවෙයි 70කට ආසන්නයි රෝහල් අධ්‍යක්ෂකවරයා කියන්නේ බොරු කතාවක් බව නුවරඑළිය දිස්ත්‍රික් සර්ව ආගමික නායකවරුන්ගේ එකමුතුව වන අන්තර් ආගමික කවයේ සර්ව ආගමික ප්‍රධානින් පැවසිය.

සර්ව ආගමික නායකයින් ඒ බැව් කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටදි මාධ්‍යට අදහස් දක්වමිණි.

ශාස්ත්‍රපති ගුරු උපදේශක පූජ්‍ය බෝගොඩ සුමේදාලංකාර හිමි , ආචාර්ය බ්‍රම්ම ශ්‍රී නන්දකුමාර් ගුරුක්කල් තුමන් , මොහොමඩ් අන්වර් අස්ලම් ඉර්ෂාදි මවුලවි තුමන් ,ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාවේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන පූජක දේවගැති හසිත කුමාර පූජක තුමන් සහ අන්තර් ආගමික කවයේ සාමාජික එම්.අයි.එම්.ඉම්තියාස් මෞලවි තුමන් මෙම අවස්තාවට සහභාගි වීය.

වැඩිදුර අදහස් දක්වමින් නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික නායකවරුන්ගේ ප්‍රධානීන් කියා අප්‍රේල් මාසය තුළ සැත්කම්වලින් පසු බෙහෙත් වැරදි සංකූලතා ඇති වුවත් 10-11 වශයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියද එය මුළුමනින්ම බොරුවක් අපට ලැබුණු තොරතුරු අනුව එම ප්‍රමාණය හැටක් හැත්තෑවක් වෙනවා,

රෝහල් අධ්‍යක්ෂවරයා තොරතුරු සඟවා මාධ්‍යයට ප්‍රකාශ කිරීම කණගාටුවට කරුණකි,

ඇතැම් රෝගීන් නැවත රෝහලට එන්න බය වෙලා තමන්ගේ නිවෙස් වලම දුක දරාගෙන සිටිනවා , තවත් ඇතැම් රෝගීන් රෝහල වෙත පැමිණිය ද ඔවුන්ට මාස තුනකින් මාස හයකින් වගේ කාලයකින් රෝහලට පැමිණෙන කියා උපදෙස් ලබා දී රෝහලින් පිට කර යවා තිබෙනවා ,

එම රෝගීන් හිතාගෙන ඇති මාස දෙකකින් තුනකින් අපිට හරියයි කියලා ඒත් ඇත්තටම ඔවුන්ගේ ඇස් අන්ධ වෙලා කියලා උන් වත් දන්නෙ නැතුව ඇති ,

රෝහලෙන් ලබා දුන් තොරතුරු අනුව ගරු ජනාධිපතිතුමන් විශේෂ කමිටුවක් පිහිටුවලා ඒ දහ දෙනාට වන්දි මුදල් ලබා දෙන්න සූදානම් කරනවා ,

එයට කලින් අපි මුලින්ම කළ යුත්තේ මේ සංකූලතාවලින් අගතියට ලක් වූ මුළු ප්‍රමාණය සොයා ගැනීම ඒ සඳහා විශේෂ දුරකථන අංකයක් හෝ හඳුන්වා දී ඒ අයව සම්බන්ධ කරගත යුතු වනවා ,

ඉන් අනතුරුව නුවරඑළියෙ ප්‍රධාන නිලධාරීන් යටතේ මෙහෙයවන කමිටුවක් පත්කර මෙම සිද්ධි අග මුල සොයා බලා ඉන් අනතුරුව ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍යයි ,

මේ අන්ධ භාවයට පත්වෙලා තියෙන්නේ නුවරඑළිය අහිංසක ගොවි ජනතාවගේ වතු කම්කරුවන් වතුකම්කරුවන් විශාල ප්‍රමාණයක් ,