Spread the love


නිමල් රාජපක්ෂ

සංචාරක සමය උදාවීමත් සමගින් අගෝස්තු 9 වැනිදා සිට ‘‘ඇල්ල ඹඩිසි ‘‘ වායු සමනය කළ අතිසුඛෝපභෝගී සීඝ්‍රගාමී දුම්රිය දිනපතාම ධාවනය ට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.


එසේ ධාවනයට එක් කරන ඇල්ල ඹඩිසි වායුසමනය කළ අති සුඛෝපභෝගි දුම්රිය අගෝසතු මාසයේ සිට ලබන වසරේ අප්‍රියෙල් මස අග දක්වා දිනපතා ධාවනය කිරීමට නියමිතයි. මන්ද දුම්රිය දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන වගකීම මගීන් සදහා මෙන්ම භාණ්ඩ සදහාද හොද ප්‍රවාහන සේවයක් ලබා දීමයි. ඊට අමතරව සංචාරක කර්මාන්තය සදහා පහසුකම් සහිත හොද ලබා දීමට දුම්රිය සේවාවක් ලබාදීමට තීරණය කර තිබෙයි .එම නිසායි ඇල්ල ඹඩිසි දුම්රිය ධාවයට එක් කරන්නේ.
ඊට අමතරව කැලිස්ටෝ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අතර ධාවයට එක් කරනනේ එම දුම්රිය සංචාරකයින් අතර ඉතාමත් ආකර්ශනයට ලක්වී තිබෙනව බව නිසා බවද පැවසුවේය.


ලබන මස මුල වනවිට නානුඹය දුම්රිිය ස්ථානයේ සේවයෙන් ඉවත්කල මැදිරි යොදා ‘‘ඹඩිසි කෑම්ප‘‘ යනුවෙන් සකසන ලද නැවතීමේ පහසුකම් සහිත දුම්රියකුත් ජනතාව සදහා ලබා දීමට තීරණය කර ඇත. මෙයින් බලා පොරොත්තු වන්නේ මගී ජනතාවට මෙන්ම භාණඩ ප්‍රවාහනය සදහා හොද දුම්රිය සේවයක් ලබා දෙන අතර සංචාරක කර්මාන්තය නගා සිටවීමටයි. ,

ඹඩිසි කෑම්ප යනුවෙන් අංග සම්පුර්ණ නැවතීම් පහසුකම් සහිත නිවාඩු නිකේතනයක් නානුඹය දුම්රිය ස්ථානයේ දුම්රියයක් තුළ ඉදි කිරිමෙන් ශ්‍රී ලංකාවට සංචාරකයින් ගේ පැමිණීමත් සමගින් ඹවුන් පැමිණ මෙම සංචාරක නිවාඩු නිකේතනයේ නැවතිමට ගැනීමෙන්, සංචාරක ආකර්ශනය වැඩ කිරිමටත් රජයට ආදාමයම් වැඩි කිරීමටත් මෙය රුකුලක් වනු නොඅනුමාන බවද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු ධම්මික ජයසුන්දර මහතා,

වීඩියෝව නරඹන්න

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න