Spread the love

ඇටම්පිටිය පොලිස් වසමේ ඒ-කිරොස් වතුයාය ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසකට අකුණු සැර වැදී රෝහල් ගතකර ඇති බවට ඇටම්පිටිය පොලිසියට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ – කින් රොස් වතුයායේ සේවය කරමින් සිටි කාන්තාවන් පස් දෙනෙකු හා පිරිමි පුද්ගලයෙකු තේ දළු නෙළීමට ගොස් සිට ඇති අතර, දිවා කාලයේ නෙළාගන්නා ලද තේ දළු එක් රැස් කරනු ලබන එම වතුයායේ පිහිටි මඩුවක් තුල රැඳී සිටියදී මෙලෙස අකුණු සැර වැදීමට ලක්ව ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තුවාලකරුවන් 06 දෙනෙකු ඇටම්පිටිය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් ඇති අතර එහි සිටි පිරිමි පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරුකර යවා ඇත.

මරණකාරිය වයස අවුරුදු 47 ක් වූ නෙළුවවත්ත, බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත දේහය ඇටම්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධව ඇටම්පිටිය පොලිසිය විර්මශන සිදුකරනු ලබයි.