.
අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මුලික විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල පළමු කණ්ඩායම් සාමාජිකයින් දැනුවත් කිරීමේ ප්‍රථම පුහුණු වැඩසටහන සහ ඔවුන් මුහුණ දී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ( 22) අද පැවැත්විණි.
අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ රාමුව තුළ විමර්ශනවල අරමුණු අවබෝධ කර ගැනීම, විමර්ශන මණ්ඩලවල කාර්යභාරය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආයතනික සහාය, විමර්ශන ක්රියාවලියෙහි පියවර , විමර්ශන කටයුතු සහ මුලික විමර්ශන ප්‍රශ්නාවලිය ආදී කරුණු පිළිබඳව විමර්ශන මණ්ඩල ප්‍රධානීන් සහ විමර්ශන මණ්ඩල සාමාජිකයින් දැනුවත් කිරීම පුහුණු වැඩමුළුව තුළ සිදු විය.
පුහුණු වැඩසටහනින් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සහ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදුන් අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන නිසි පරිදි සිදු නොකරන බවට අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයට චෝදනා එල්ලවී තිබෙනවා. එම චෝදනාවලට ප්‍රධාන හේතුව වන්නේ එවකට පැවති දේශපාලන තත්වය මිස මේ කාර්යාලයේ ප්‍රශ්නයක් නොවෙයි. අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලයට කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොමැති නිසා නිලධාරීන් 65 දෙනෙකු බදවා ගැනීමට කටයුතු කළා. මෙම කාර්යාලයේ විමර්ශන මණ්ඩල සාමාජිකයින් පුහුණු කිරීමට රුපියල් මිලියන 375 ක මුදලක් වෙන් කර තිබෙනවා. අතුරුදහන් වු පුද්ගලයින් සම්බන්ධයෙන් පැමිණිලි එකොළොස් දහසක් මේ වන විට මෙම කාර්යාලයට ලැබී තිබෙනවා. එම පැමිණිලි පන් දහසක විමර්ශන මේ වසර තුළ අවසන් කිරීමටත් පැමිණිලි සියල්ල සම්බන්ධයෙන් විමර්ශන ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීමටත් අපේක්ෂා කරනවා.
පැමිණිලි විභාග කිරීමේ මුලික අරමුණ වන්නේ අතුරුදහන් වු පුද්ගලයින්ට වන්දියක් ලබාදීම පමණක්ම නොවෙයි. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් යම් යුක්තියක් අවශ්‍යයි. යුද්ධය අවසන්ව වසර ගණනාවක් ගෙවී ගියත් අතුරුදහන් වු අයගේ ප්‍රශ්න විසදී නැහැ.
ඔවුන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලින් පසුව අවශ්‍ය නම් වැඩිදුර විමර්ශන සිදු කිරීමට කටයුතු කරනවා. අතීතයේ සිදු වු වේදනාවන් මඟහැර මේ ජනතාවට විශ්වාසය ගොඩනැගීම රජයේ අරමුණයි.
