නිමල් රාජපක්ෂ
අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත්, 2025 වසර තුළ අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමටත්, සැළසුම් සකස් කිරීමටත්, ආයතනික ව්‍යුහයන් ගොඩනැගීමටත් හැකි වු අතර මුදල් වෙන් කළ පමණින් සියල්ල සිදු නොවන බැවින් ආයතන ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති සැළසුමකට අනුව ක්‍රියාත්මක කළ යුතුව ඇති බවත් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ වැයශීර්ෂය පිලිබඳ විවාදයේ අදහස් දක්වමින් අද (25) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,
ගුණාත්මක අධ්‍යාපනයක් රටක් තුල ඇති කරන්න නම් අධ්‍යාපනය පිළිබඳ තිරණ, ප්‍රතිපත්ති මත ගත යුතුයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ශක්තිමත් ආයතනික ව්‍යුහයක් අවශ්‍යයි. මේ දෙකම කරන්න නම් මුදලි තිබිය යුතුයි. අපේ රටේ ඉතිහාසය පුරාම මේ අංශ තුන හරියට සිදු නොවීම නිසා තමයි අද අපිට අධ්‍යාපන ක්ෂේත්රය තුළ විශාල ගැටළු ගණනාවක් මතුව තිබෙන්නේ. මේ සියලු ගැටළු තිබියදී ගරුවරු, විදුහල්පතිවරු, නිලධාරීන් අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවය නිසා අධ්‍යාපනයේ ගුණාත්මක මට්ටම පවත්වාගෙන යන්න හැකි වෙලා තිබෙනවා.
අපි 2025 වසර තුළ සිදුකළ ප්‍රධානම දේ තමයි අපේ අධ්‍යාපනය තුළ නිවැරදි තීන්දු තීරණ ගැනීම, අධ්‍යාපනයට අදාල ආයතන හදුනාගෙන පවතින ගැටළු නිසියාකාරව විසදමින්, ආයතනික ව්‍යුහයන් නිවැරදි කරමින්, ප්‍රතිපත්ති සමග ඒකාග්ර කරමින් මුදල් නිසියාකාරව, ප්‍රතිපත්ති අනුව වියදම් කරමින් 2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කටයුතු කිරීමයි.
ප්‍රතිපත්ති හදන එකම නෙමෙයි ගුණාත්මක අධ්‍යාපනයක් ක්‍රියාත්මක කිරීමේදි අවශ්‍ය වෙන්නේ. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හොඳ සැළැස්මක් අවශ්‍යයි. නිලධාරීන්ට හරි ඉලක්ක අවශ්‍යයි. වගකීම් හරියට බෙදා ගන්න ඕන. ඉතිහාසයේ පැවති ප්‍රතිපත්ති දිහා බැලුවම පාසල් තුළ විෂයමාලා වෙනස් කිරීමට පැවති යෝජනාවල ලොකු වෙනස්කම් සිදුවෙලා නැහැ. නමුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සැළසුම්කරණයත්, ආයතනින ව්‍යුහයත්, මුදල් වෙන් කිරීමත් නිසියාකාරව සිදු නොවීමයි ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවෙන්න හේතු වෙලා තිබෙන්නේ.
ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ ගැටළුව පිළිබඳ අපි පත්කළ කමිටුවක් මගින් නිකුත්කළ වාර්තාවේ දැක්වෙනවා, පසුගිය කාලයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය කොතරම් දුරට කඩා වැට්ලා තිබුණද කියලා, තිබිය යුතු මූලධර්ම සහ ප්‍රතිපත්ති වෙනුවට අතිශයින් පෞද්ගලික හේතු සහ දේශපාලන අරමුණු මත තීන්දු තීරණ ගත් නිසා ඒ විශ්වවිද්‍යාලයේ ගුණාත්මකභාවය කඩා වැටීම සහ දරුවන්ට කර තිබෙන අසාධාරණය ඒ වාර්තාවෙන් පැහඅදිලි වෙනවා.
නිසි සැළසුම්කරණයක් නොමැති නිසාත්, ආයතනික ව්‍යුහයන් වල දුර්වලතා නිසාත්, මෙන්න මේ විදිහට අධ්‍යාපනයට අදාල සියලු ආයතන කඩාවැටිලා තිබුණා. 2025 වසර තුළ අපිට ඒ තත්වය නිවැරදි තැනකට ගේන්න හැකියාව ලැබුණා.
වසර ගණනාවකට පස්සේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. ඒ බිලියන 7.04ක්. ඒක දළ දේශිය නිෂ්පාදනයෙන් 2.04%ක්. අපි කොතනකවත් කිව්වේ නැහැ පළමු වසර තුළ 6%ක් වෙන් කරනවා කියලා. අපි දන්නවා ප්‍රතිපත්ති හදමින්, ආයතන ශක්තිමත් කරමින් තමයි එතනට යන්න පුළුවන්. මුදල් වෙන් කළා කියලා සියල්ල සිදු වෙන්නේ නැහැ. ආයතන ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් මුදල් වෙන් කරනවා.
