Spread the love

QR කේතය, හරහා තම ස්මාට් දුරකථනය උපයෝගි කරගෙන අධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයක් හදුන්වාදී ඇත ත
ඒ අනුවඅධිවේගී මාර්ගයේ ගාස්තු ගෙවීම් ස්මාට් දුරකථන ඔස්සේ සිදුකළ හැකි සරල පහසුකමක්, මෙරට වැඩිම පරිශීලක පිරිසක් හිමි ඇප් එක වන හෙළකුරු මගින් හඳුන්වා දී තිබේ.

සෑම අධිවේගී මාර්ග පිටවීමකම මුදල් ගෙවීමේ කවුන්ටරයේ දැනටමත් සවි කර ඇති QR කේතය, හෙළකුරු ඇප් එක ඔස්සේ scan කිරීමෙන් මෙසේ මුදල් ගෙවීමේ හැකියාව හිමිවෙයි.

මෙලෙස QR කේත scan කර මුදල් ගෙවීමේදී, ඍජුවම මුදල් ගෙවන්නාගේ බැංකු ගිණුමෙන් අදාළ ගාස්තුව අයවන නිසා, අධිවේගී මාර්ගයේ ධාවනය කිරීමේදී තවදුරටත් මුදල් නෝට්ටු ළඟ තබා ගැනීමට අවශ්‍ය නොවීම මේ හරහා මහජනතාවට හිමිවන පහසුවක්.

හෙළකුරු ඇප් එකේ නවතම Update එක ලබාගැනීමෙන් පසු, එහි ප්‍රධාන තිරයේ අලුතින් දිස්වන QR කෙටිමං බොත්තම ඔබා මෙම QR කේත scan කර මුදල් ගෙවීමේ හැකියාව පවතියි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය වන LankaQR ජාතික ගෙවීම් QR සම්මතයට අනුකූලව මෙම නව මුදල් ගෙවීමේ පහසුකම දැන් ක්‍රියාත්මකයි.