Spread the love

කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි කරු මියගොස් ඇත.

අනතුර සිදුවී ඇත්තේ ඊයේ (01) සවස 6.30ට පමණ ය. අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර ඔහු කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කරයි

අනතරු සිදුවීමත් සමගින් ප්‍රකෝපක වූ ප්‍රදේශවාසීන් පිරිසක් ඩිෆෙන්ඩර් රථය පොලීසියට රැගෙන යාමට පෙර එයට පහරදී ගිනි තැබීමට කටයුතු කරඇත. ඩිෆෙන්ඩර් රථයේ රියදුරු මේ වන විට කුලියාපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත .

සිද්ධිය පිළිබද කුලියාපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.