Spread the love

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.

එහිදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කටයුතු කරන බවත් ඇය පවසයි.

මහජන ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට යවන මහජන නියෝජිතයන්ට ජනතාව විසින් ලබා දුන් ඡන්දය ආපසු කැඳවීමේ බලයක් ද එම ව්‍යවස්ථාවෙන් ලබා දෙන බවත් ඇය පැවසුවාය.

මහජන මුදල් අවභාවිතයක්, පක්ෂ මාරු කිරීම ආදී කටයුතුවලදී එම මන්ත‍්‍රීවරයාට තමන් ලබා දුන් ඡන්දය ආපසු කැඳවීමේ බලයද එම ව්‍යවස්ථාව අනුව හිමිවනු ඇති බවද ඇය කියා සිටියාය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ඇය මෙම අදහස් පළ කළාය