Spread the love

ජනාධිපතිතුමා, මේ ලඟදි කියල තිබුනා ටයිටැනික් නැව හිම කන්දේ හැපිලා දැන් අපි ඉන්නේ හිම කන්දේ කියලා. මම නම් හිතන්නේ එතුමාට වැරදිලා. මට හිතෙන්නේ අපි දැන් ඉන්නේ තෙල් ඉවර වෙලා මූදෙ ගිලෙන සබ්මැරීන් එකක වගේ කියලා. සබ්මැරීන් එක ඇතුලේ තාම ඔක්සිජන් තියෙන නිසා ඇතුලේ ඉන්න අය හිතනවා ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි ලඟදිම ඔක්සිජන් ඉවර උනාම ඔක්කොම මැරෙනවා. මම පැහැදිලි කරන්නම් ඇයි මම මෙහෙම කියන්නේ කියලා. මේ අවුරුද්ද පටන් ගන්න කොට අපට තිබුණා ඩොලර් බිලියන 7 ක් විදේශ ණය ගෙවන්න. ඉන් ඩොලර් බිලියන 3 ගෙව්වට පස්සේ රට බංකොලොත් කියලා අපි ඉතුරු බිලියන 4 ගෙවන එක පැහැර හැරියා. දැන් අපි ඉන්නේ ණය ගෙවන්නේ නැතුව හැංගිලා මිනිහෙක් ඉන්න ආතල් එකේ. හැබැයි හැමදාම ණය නොගෙවා ඉන්න බෑ කවදා හරි ගෙවන්න වෙනවා. අපිට මේ වන විට නොගෙවූ විදේශ ණය තියෙනවා ඩොලර් බිලියන 49 විතර. ඕවා ගෙවන්න පටන් ගත්ත දාට අවුරුද්දකට ඩොලර් බිලියන 7 ක් විතර ගෙවන්න වෙනවා. IMF එකෙන් ඩොලර් බිලියන 2.9 ක් ණය ගත්තා කියලා මේ ණය ඩොලර් බිලියන 49 ගෙවන්න බෑ. ඒක ගෙවන්න නම් රට සංවර්ධනය කරන්න ඕනේ සල්ලි හොයන්න. නමුත් දැන් රට සංවර්ධනය වෙනවද ?යැයි ආචාර්ය නාලක ගොඩහේවා මහතා ඊයේ (04)දා නාවල නිදහස කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදි පැවසුවේය.

වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීවේය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න