දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී පාරිභෝගික ජනතාවට ව්‍යාජ ලෙස සකස් කරන ලද බිල්පත් ඉදිරිපත් කොට අයුතු ලාභ ලබන වෙළෙඳ මාෆියාව මුලුමනින්ම නවතාලීම සඳහා නීති දැඩිව ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඉදිරියේදී බදු පදනම පුළුල් කිරීමට රජය සැලසුම් කර තිබෙන අතර එමඟින් ඍජු බදු ප්‍රතිශතය 40%ක් දක්වා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සම්මන්ත්‍රණයකට එක්වෙමින් සඳහන් කළේ.
මෙම සම්මන්ත්‍රණය රාජ්‍ය නිලධාරීන්, දේශපාලන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයින් සහ ජනමාධ්‍යවේදීන් ඇතුලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් දැනුවත් කිරිම සඳහා ජනාධිපති වෘත්තීය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය විසින් සංවිධානය කර තිබිණ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

