පසුගිය වසරේ පැවැති ගාළුමුවදොර අරගල භූමියේ හූනියම් කළ කට්ටඩියා අකුණක් වැදී මියගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
සමහර දේවල් මේ ආත්මයේම පලිසන් දෙන බවත් එය දිට්ඨධම්මවේදනීය කර්මය පල දුන්නා ස්ථානයක් බවත් හෙතෙම පැවසීය.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්රීවරයා මේ අදහස් පල කරන ලදී.
ගාලුමුවදොර අරගලයේ
පුස්තකාලාධිපතිවරයා සියදිවි නසාගෙන ඇති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කොඩිය ඇඳට දමාගෙන නිදිය ගත් පුද්ගලයා රිය අනතුරකින් කකුල කපා ඉවත් කර ඇති බවත්, කළු පාටින් වෙසක් කූඩු හැදු පුද්ගලයා අද වන විට අංගොඩ පිස්සන්කොටුවේ වාට්ටුවක නවත්වා ඇති බවත්, අරගලයේ ප්රධාන ක්රියාකාරිකයකු දෙහිවලදී කෝච්චියක හැපී මිය ගිය බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
