Spread the love

ඇත් අතුරු සෙවණ හා පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානයේ දී අලි ප්‍රහාර දීම් හේතුවෙන් මරණයට පත් වූ වනජීවි නිලධාරින් දෙදෙනාට රුපියල්දෙකක වන්දි මුදලක් ලබා දීමට කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරයි.
ඒ අනුව අදාල වන්දි මුදල ලබා දීමට වහාම පියවර ගන්නැයි මහින්ද අමරවීර ඇමතිවරයා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට ඊයේ (08) උපදෙස් දෙයි.

ඇත් අතුරු සෙවණේ දී මරණයට පත් වූ වනජීවි සේවකයා ස්ථිර පත්වීමක් ලබා ඇති තැනැත්තෙක් නොවන නමුත් එම සේවකයාගේ මරණය සම්බන්ධව රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඔහුගේ පවුලට පිරිනැමීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අනියම් පදනම මත සේවය කරන තැනැත්තන් රාජකාරිය අතරතුර මරණයට පත්වුවහොත් මෙතෙක් වන්දි ලබා දීමට වනජීවි අනපනත් අනුව ප්‍රතිපාදන නොමැති නිසා වන්දියක් පිරිනැමීම පහසුකරවීම සඳහා එම අණපනත්වලට අවශ්‍ය සංශෝධන සිදු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය.
එම සංශෝධන ඇතුළත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම මගින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ලේකම්වරියට දැනුම් දුන්නේය.