Spread the love

සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා පිටත්ව යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා සංචාරක වීසා මගින් විදේශ ගත වූ කාන්තාවන්ට රැකියා නොලැබීම, හිරිහැර කිරීම්, සිරගත කිරීම් සහ අතරමංවීම් ආදී කරුණු පිළිබඳව තොරතුරු වාර්තාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවය.

මේ හේතුවෙන් ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ සියලුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සදහා කාන්තාවන් යෙදවීම, සංචාරක වීසා මගින් සිදු කිරීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළේ ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතයින් මාර්ගයෙන් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා යොමුවන කාන්තාවන් විශේෂ උපදෙස් මත ලියාපදිංචිය සඳහා ලබාදී තිබූ අවසරය ද අත්හිටුවා ඇති බවය.