Spread the love

අඟහරු ග්‍රහලෝකයේ මතුපිට ඡායාරූප ලබාගැනීම සඳහා යවන ලද ඉන්ජිනිටි යානය සමග ඉදිරි මෙහෙයුම් කටයුතු සිදුකරන බව නාසා ආයතනය පවසයි.

දින 63ක පමණ කාලයක් එම යානය සමඟ සන්නිවේදන සබඳතා අඬාල වී තිබූ අතර පසුගිය 28 වනදා යළි එම යානයෙන් සංඥා නිකුත් කර තිබුණි.

පසුගිය අප්‍රේල් 26 වනදා ඉන්ජිනිටි යානය අඟහරු ග්‍රහයා වෙතට යවා තිබූ අතර එය ආරක්ෂිතව පවතී ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු වී නොමැති බව වාර්තා වේ.

කුඩා හෙලිකොප්ටර් යානයක් ලෙස නිපදවා ඇති අදාළ යානය අඟහරු පෘෂ්ඨය මත පියාසර කරවීමට ද හැකියාව පවතී.

මේ වනවිට අදාළ යානය අඟහරුගේ ජෙසෙරෝ ආවාටය ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව නාසා ආයතනයේ මෙහෙයුම් ප්‍රධානියා සඳහන් කර ඇත.